Showing posts with label upul shantha sannasgala. Show all posts
Showing posts with label upul shantha sannasgala. Show all posts

Thursday, May 9, 2013

වස්සානයේ නිමවුනු සිහිනයක්...

වස්සානයේ නිමවුනු සිහිනයක්...


අඳුරු වලාපට වෙලුනු ලෝකයක, 
කුරුරි සීතල සුළඟට හසුවී, 
පාවෙමින් අරුතක් මවන්නට තැත් කරපු, 
කසුන්ගේ සුන්දරම සිහින සිත්තම, 
ළ'මැත වැතිරුනු සුදු නංගිගේ හිස මත, 
උණුසුම සොයමින් කෙහෙරැලි අතර,
දිවගිය ඇඟිලි තුඩක සෙනෙහස, 
මංමුලාවූ දෙහදක අරමුණු, 
බිඳ දැමූ ලෝකය හමුවේ, 
පව් ගෙවන්නේ ඔවුන්ම නොවේද?
සියුම් සියුමැලි උණුසුම් බැඳීමක්, 
ලොව වටා සොයන අප සැමට, 
උරණ වූ මේ පිළුණු ලෝකය, 
මරයි අපවත් සැඬොලන් ලෙසින්, 
සැබෑ ආදරයේ පහස ලැබූකොට, 
නොමැත නිකළැල් පෙමක් දිරවනු ලෝ දනා හට...