කඳුලැලි බෝම නෙතු අග මට දැවටෙන්ට
සිතුවිලි බෝම ඔබ ලඟ මට වැලපෙන්ට
ගිලිහුනු මතක ඔබ මට සිහිකරන විට
ඇයි මට කඳුලු දුන්නෙත් හිත පාරන්ට
හිමිවුනු පෙමට කවුරුද හැඬුවේ දුකට
ලෝකය ගැරහුවත් පෙමකට නෑ මුලා කර
සිතුවිලි වුවත් යළි එක් නොවෙනා කලට
කුමට යළිත් අපි හමුවේ නම් පුරුදුකොට
සිතකින් සිතක සිතුවිලි සුව නොදේ නම්
කුමකින් කුමක් මට සිදුවී ගියාදෙන්
ලෝකය වුනත් නිති නුඹ ලඟ රැඳේනම්
කුමට ඉතින් තනි මා ගැන කල්පනාවන්
(~ තරිඳු පතිරණ ~)
Sunday, September 29, 2013
ඔබට ලියමි මම ආදරෙන්...
සෙමින් සෙමින්
මගෙ නෙත් අඟින්,
සිතට නොදැනිම
සියොලඟින්,
ඔබගෙ සුවඳ ගෙන
ආදරෙන්,
ලඟින් යනවිට
සනසමින්,
පුරුදු කඳුලට
දුක් දෙමින්,
දෙතොල් සරසා
සිනහවෙන්,
මැවෙන් හැටි මට
සිහිනයන්,
පුදුම වෙමි
ඔබෙ නාමයෙන්,
දිරිය දී මට
ස්නේහයෙන්,
පිරිමදී සිත
සන්තොසින්,
ලොව මගේ හෙට
මේ ලෙසින්,
ලඟ සිටිනු මැන
සෙවණැල්ල මෙන්...
මගෙ නෙත් අඟින්,
සිතට නොදැනිම
සියොලඟින්,
ඔබගෙ සුවඳ ගෙන
ආදරෙන්,
ලඟින් යනවිට
සනසමින්,
පුරුදු කඳුලට
දුක් දෙමින්,
දෙතොල් සරසා
සිනහවෙන්,
මැවෙන් හැටි මට
සිහිනයන්,
පුදුම වෙමි
ඔබෙ නාමයෙන්,
දිරිය දී මට
ස්නේහයෙන්,
පිරිමදී සිත
සන්තොසින්,
ලොව මගේ හෙට
මේ ලෙසින්,
ලඟ සිටිනු මැන
සෙවණැල්ල මෙන්...
Friday, September 27, 2013
Wednesday, September 11, 2013
ගෙවුනු මතකයන්
විටින් විට
සිතුවිලිවල
හිමිකම අරගන්න
තැත් කරන අතරම..
අපට පමණක්ම
වැට බැඳුන
ලෝකයක් තුළ..
හිරවුනේ
අපටත් නොදැනීම අප..
ගෙවුනු මතකයන්
සිතේ දරාගෙන
දැවෙන සීතලක
පෙම තුරුලු කරගෙන,
මතක පිටු අතරෙ සැඟවුන
තනිවෙච්ච හිතට
අඬන්න අවසර
පතමි කුමරිය...
සිතුවිලිවල
හිමිකම අරගන්න
තැත් කරන අතරම..
අපට පමණක්ම
වැට බැඳුන
ලෝකයක් තුළ..
හිරවුනේ
අපටත් නොදැනීම අප..
ගෙවුනු මතකයන්
සිතේ දරාගෙන
දැවෙන සීතලක
පෙම තුරුලු කරගෙන,
මතක පිටු අතරෙ සැඟවුන
තනිවෙච්ච හිතට
අඬන්න අවසර
පතමි කුමරිය...
Saturday, August 10, 2013
බිඳුනු සිත
පෙමින් බැඳි
යදමෙන් සිඳුනු
සිත මගේ
බිඳෙන බව
රිදෙන බව
තැවෙන බව
ගිනිගෙන
දැවෙන බව
සිත මතම
දැන දැන නුඹම
අතැර පොලොවට
දමා යන්නේ
බිඳෙන්නට
ඉඩතබා නේද?
යදමෙන් සිඳුනු
සිත මගේ
බිඳෙන බව
රිදෙන බව
තැවෙන බව
ගිනිගෙන
දැවෙන බව
සිත මතම
දැන දැන නුඹම
අතැර පොලොවට
දමා යන්නේ
බිඳෙන්නට
ඉඩතබා නේද?
Wednesday, August 7, 2013
තවම අවසර නැත මට
අඳුරු වූ මේ නිසසල රැයේ
නිසල බව පමණක් දැනේ..
සසල යුගනෙත් මානයේ
නෙත් දහක් මැද ජීවිතේ...
සෙවණ යදිනට තුරුවැලක්
සිසිල ලබනට නිම්තෙරක්..
නැති වුනත් මට අත්වැලක්
පෙම් කරයි මගෙ සිත තවත්...
නෙතට අඳුනක් වෙන්නට
සුවඳ ඔබගෙන් ලැබුමට..
දිවිය මතු ඔබෙ රැකුමට
තවම අවසර නැත මට...
නෙතු අතර ඔබෙ සැඟවිලා
සිත ලඟම මගෙ පෙම තියා
වත කමල සිප සනසලා
සැනසුනෙමි සිහිනෙට වෙලා
නිසල බව පමණක් දැනේ..
සසල යුගනෙත් මානයේ
නෙත් දහක් මැද ජීවිතේ...
සෙවණ යදිනට තුරුවැලක්
සිසිල ලබනට නිම්තෙරක්..
නැති වුනත් මට අත්වැලක්
පෙම් කරයි මගෙ සිත තවත්...
නෙතට අඳුනක් වෙන්නට
සුවඳ ඔබගෙන් ලැබුමට..
දිවිය මතු ඔබෙ රැකුමට
තවම අවසර නැත මට...
නෙතු අතර ඔබෙ සැඟවිලා
සිත ලඟම මගෙ පෙම තියා
වත කමල සිප සනසලා
සැනසුනෙමි සිහිනෙට වෙලා
Tuesday, August 6, 2013
සඳක් ලෙස
සඳක් ලෙස මගෙ හද මඬල තුළ
එකලු කල පෙර දිනෙක ලඟම හිඳ
සතුව ඇත්තේ මගෙ මනස යට
මතකයන් පමණක්ය විඳිනට
නුඹේ සිනහව මගෙ සතුට විය
නුඹේ කඳුලැලි විසිකලෙමි සයුරට
නුඹට පහන වූ මගෙ දෙනෙත අද
කඳුලු සයුරක උල්පතකි නිතරම
ගෙවෙන දිනයක් පාසාම නුඹ ගැන
සිතට නැගෙන සිතුවිලිත් අතරම
අතරමං වූ මගෙ පෙමද අරගෙන
මනස වැලපෙයි හුදෙකලාවක
එකලු කල පෙර දිනෙක ලඟම හිඳ
සතුව ඇත්තේ මගෙ මනස යට
මතකයන් පමණක්ය විඳිනට
නුඹේ සිනහව මගෙ සතුට විය
නුඹේ කඳුලැලි විසිකලෙමි සයුරට
නුඹට පහන වූ මගෙ දෙනෙත අද
කඳුලු සයුරක උල්පතකි නිතරම
ගෙවෙන දිනයක් පාසාම නුඹ ගැන
සිතට නැගෙන සිතුවිලිත් අතරම
අතරමං වූ මගෙ පෙමද අරගෙන
මනස වැලපෙයි හුදෙකලාවක
Subscribe to:
Posts (Atom)
