Showing posts with label i miss you verses. Show all posts
Showing posts with label i miss you verses. Show all posts

Monday, September 15, 2014

මටත් ආදරේ බව

අනන්තයකට පෙම් කරන්නේ
කිසිත් නොපතා ඔබෙන් මං
ඇසක් නොගැටී කල්පයක් කල්
සිටින්නේ ඔබ නිසයි මං

ලොවක් අතහැර දිවි ගෙවන්නේ
ඔබ මගේ ලොව නිසා නම්
වරක් හෝ පවසන්න මට අද
මුළු සිතින් ආදරෙයි නම්

සිහින් සරයෙන් සිතට ගෙනෙනා
හුදෙකලාවෙ සිතුවිලි වුනත්
නොදැනෙනා ලෙස මගේ සිතින් මා
පවන වෙත මුසු කරන්නම්

නැතත් අහිතක් කිසි කලකදී
නුඹගැනම මගේ සිත අගින්
මටත් ආදරේ බව අහන්නට
ඔය මුවින් ආසයි මමත්...

Wednesday, July 30, 2014

If I Ever Let You Go

Breeze is all over my face
freezing me to the bones,
thinking of letting you go,
makes me feel incomplete,
if only a thought could make me
feel like I'm out of breathe
what would I do
without u in my life,
would you ever realize?
this pain I'm going through,
for me there's no place
to fall in if I ever let go,
if I ever let go...

Saturday, October 5, 2013

ආදරෙ මං කරන තරම්

ආදර මල් පොකුරු පිටින්
මහ සාගරයක් තරමට
නෙලන් ඉඳිමි මග බලාන
ඔබ කොහේද සොයමින් මම

මතක සිතේ ඇති තරමට
වේදනා ගෙනෙයි අද මට
තටු ඇවිදින් දුක් ගින්නට
ඇවිලෙයි මුළු හද මඩලම

ඔබ නැති විට ලඟින් මගේ
තනිකම විතරයි උරුමේ
ජයසිරි මහ බෝ සමිඳුන්
නැති මහමෙවුනාව වගේ

ඉර නැඟවිත් එළිය බෙදා
පුබුදයි හැමකෙනෙකුගෙ සිත්
මගෙ හිරු නැති මේ පෙම් ලොව
සදා අඳුරෙ ගිලෙනව අද

පවස නිවන දිය උල්පත්
වෙහෙස මකන මහ දිය වැල්
කොතෙක් ඇතත් මේ මිහිපිට
බැරිවෙයි මගෙ ගිනි නිවන්න

හිතටත් මගෙ නෙත් දෙකටත්
පිං මදි ඔබ ලැබ ගන්නත්
හිත යට කොතරම් ඇඬුවත්
දුක අඩුවක් නෑ අදටත්

ආදරෙ මං කරපු තරම්
සිහිනෙන් ඔබ පෙනෙන තරම්
මා ළඟ නැති දිනයක නම්
විඳවනවා මම එතරම්

ආදරයෙන් ජීවිතේම
පුරවාගෙන වෙනුවෙන් ඔබ
කඳුලැලි මං සඟවගෙන
සැනසෙමි ඔබ දෙස බලාන

Sunday, September 29, 2013

කඳුලැලි බෝමයි...

කඳුලැලි බෝම නෙතු අග මට දැවටෙන්ට
සිතුවිලි බෝම ඔබ ලඟ මට වැලපෙන්ට
ගිලිහුනු මතක ඔබ මට සිහිකරන විට
ඇයි මට කඳුලු දුන්නෙත් හිත පාරන්ට

හිමිවුනු පෙමට කවුරුද හැඬුවේ දුකට
ලෝකය ගැරහුවත් පෙමකට නෑ මුලා කර
සිතුවිලි වුවත් යළි එක් නොවෙනා කලට
කුමට යළිත් අපි හමුවේ නම් පුරුදුකොට

සිතකින් සිතක සිතුවිලි සුව නොදේ නම්
කුමකින් කුමක් මට සිදුවී ගියාදෙන්
ලෝකය වුනත් නිති නුඹ ලඟ රැඳේනම්
කුමට ඉතින් තනි මා ගැන කල්පනාවන්


(~ තරිඳු පතිරණ ~)

Wednesday, July 31, 2013

අද මගෙ එකම පැතුම

ආදරය යන වදනට අරුතක්
සොයාගෙන මම දුරක් ගෙවමින්
පිය නැගූ ඒ මතකයන් අතර
සැඟව යයි මගේ සිතුම් පොදි වැල්

ඔබේ හඬ දෙසවනේ දැවටී
පුබුදවූ සිත නැවුම් සිතුවිලි
දෙවසරකට පසුවද තවම එතනම
හිරවෙලා ඉකි ගසයි සීරුවට

නෙතඟ මායිමට වෙලා ආදරෙන්
කිවු රහස් හෙමි හෙමින් රැවු දෙමින්
සිහින ලෝකෙන් මිදෙන විටකට
මවයි කඳුලැලි මගෙ නෙතින්

මා තරම් මේ විසල් පොලොව මත
නුඹට පෙම් බැඳි සිතක් තවත් නැත
නමුත් අද මගෙ එකම පැතුම නම්
මට වඩා මගෙ සිතට වඩා
පෙම් කරන සිතක් හමුවෙවා නුඹට හෙට

Tuesday, July 16, 2013

යන්නෙමි...

දෙසවන් වුනත් ලොව ගැන දැන උන්නා..
දෙනුවන් පුරා එහි අසිරිය නිති මැවුනා
කම්මුල් මතට එකිනෙක කඳුලැලි වැටුනා
හදවත සොරාගෙන ඇය යළි දුර ඇදුනා

දකිමින් දසුන් සනසවමින් සිත මත්තේ
අසමින් සතන් පිළිබඳ මේ දතයුත්තේ 
පවකින් වුනත් විඳවන මගෙ සිත මත්තේ
සතුටින් කියමි ඇයටයි මං පෙම් බැන්ඳේ

දිවියෙන් අඩක් ඔබ ගැන සිතමින් ඉඳලා
වෙනයම් කෙනෙක් ගැන සිතනට නොහැක මෙදා
රුවලින් මිදී පාවෙන ඔරුකඳ විලසා
යන්නෙමි ඔබෙන් සමුගෙන මං සැඟවීලා

පුරුද්ද

පෙරළෙන ගලක් ලෙස පෙම් බැන්දාට
ගොඩ දිය ගලන සයුරට ලුණු පොදක් ලෙස
ගලනා වැහි වැටුනත් ගොඩ ගලන්නට
පෙරදා මතක මැවුනා..දෝ සිතක් යට

හැමුවත් සුලඟ දෙසවනෙ සිත නොරැඳෙන්න
වැපුරූ කඳුළු මදි වුනි නම් මගෙ නෙත් දෙකට
අසා සිටිමි බොරුවූ ඉසිවර වදන් මග
දුකක් නැතත් කඳුළු ඉනුවෙ පුරුද්දට


( ~ තරිඳු පතිරණ ~ )

Saturday, June 8, 2013

ඔබට මා හැර ජීවත් වීමට සිදු වේ..

මා අමතක කරනු මැනවි
මේ සමුගැනීමයි ඔබෙන්..
ඔබට මා හැර ජීවත් වීමට සිදු වේ...
මේ ඔබේ ජීවිතයයි, මේ ඔබේ මාවතයි..
ඔබට මා හැර ජීවත් වීමට සිදු වේ...
ලෝකයම ඔබේ වනු ඇත
එය මගේ පැතුමයි
සියළු අහුසස් ඔබේ වනු ඇත
එය මගේ පැතුමයි..
ඔබේ වෙරළාන්තය ඔබමය
ඔබේ ජීවනය ඔබමය
හෙටදිනේ වැයෙන ගී තනුව ඔබමය
හෙට දිනේ ලියැවෙන වෘතාන්තයද ඔබමය
අදහමින් ඔබ ගැනම
ඔබේ දෙවි ඔබම වන්න..
සිසිරයේ රෑකල මම වෙමි
ඔබ නව දිනයක උදාවකි
ඔබට මා හැර ජීවත් වීමට සිදු වේ..
වසන්ත සිසිලට පිපෙන දින අතර
ඔබට මා හමු වනු ඇත
අපේ මාර්ග රැඳෙන සිතලඟ
ඔබට මා හමු වනු ඇත..
කෙසේ හෝ කෙදින හෝ
නැවත මා මුණගැසෙන්නෙමි
මේ මගේ ගිවිසුමයි
සැමවිටම සැමතැනම
ඔබේ ළඟ රැඳෙමි
මේ මගේ ගිවිසුමයි..
ඔබට මා හැර ජීවත් වීමට සිදු වේ...

Wednesday, June 5, 2013

නුඹ නොලැබුනත්

මට හිමි පෙමට මම ලියනෙමි නුඹෙ නමට
පෙම්හද අරුණ පෙම් මනසට තේරෙන්ට
අරුණක් පිබිදෙන්නේ ඝනදුර දුරලන්ට
දෑසත් නොහඬා හද දුක් දෙයි වුන දේට

පෑරුනු සිතට නුඹ ආවේ මන්ද ලඳේ
පීදුනු හීන මට ගෙනැවිත් දුන්න ලඳේ
අහිමි බවත් දැන දැන පෙම් කලෙමි ලඳේ
යාවුනු කඳුළු නුඹ ඇයි මට උරුම කලේ

නුඹ නොලැබුනත් පෙම් කල නුඹෙ නමට
නුඹ මගෙ ලොවට එන්නැති බව දැනුනු කල
ඉකිබිඳ වැලපුනත් යළි ඔබ රැකගන්ට
තනියට පෙම් බැඳේ නුඹ නැති අඩුව පුරවන්ට

( ~ තරිඳු පතිරණ ~ )

Saturday, May 18, 2013

පෙමක මහිම


පෙමක මහිම පෙම් කල විට දැනගත්තා
රුවක මහිම රුව දුටු විට නෙත් දැක්කා
හිතක මහිම සිත් ගත් දා සිට දැනුනා
ළඳක වරුණ නුඹ දුක් දුන් දා සිට දැනුනා

ලියක් දිදුල පහනක් මෙන් නිදි වරලා
රැයක් දවාලක් නැතිවම මම රැක්කා
කුසට අහර දිවට මිහිර දුන් මා විසි කරලා
ගියේ මන්ද තුන් වසරක පෙම බිඳලා

නුඹට ගෙවපු කාලය ගැන දුක් රන්දා
ලොවට කියා පාන දුකත් අතහැරියා
හදට දුන්නු දුක් අතහැර ජය රන්දා
දිවි සුරැකුමට මං මගෙ සිත ඇන්දා

( ~ තරිඳු පතිරණ ~ )

ජීවිතය හා තනිකම

තනිකම දුකකි තනියම ඉන්න විටදී,
මරණය දුකකි තනිකම හුරු විටදී,
තනිකම දුකකි ළංවූ අය වෙන්වෙද්දී,
මරණය සැපකි අප්‍රිය සම්ප්‍රේයෙදී...

නෙතට සැපක් වී කඳුලින් ලියමි සිතා,
රුවට රසක් වී නුඹ හැර යාමත් දුකකී,
හිතට වහල් වී මෙතුවක් කල් දුක් විඳිමි,
මට මොන නැකත්දෝ දැන් කල් ගියා වැඩී..

මෙතරම් දුරක් ආවේ තනියමයි මම,
යායුතු දුරත් ඇත එය දැරුමටත් බැරී,
නිවහල් සිතක ඇති සැපතක් තුරුළු කර,
අවසන් නින්ද පනමි සමුගෙනම ලොවෙන්...

( ~ තරිඳු පතිරණ ~)

Friday, May 17, 2013

පෙරළි පෙරළි ගල් කුලක් මතට දිව එන,
කුලෙහි වැදී පෙණ කැටිත් විසිරී..
දැනෙන්නේ මහ තනිකමක්, හුදෙකලාවක්..
මුසාවන්ගෙන් පිරි මායා ලෝකය,
පිළිබඳව කලකිරීමෙන්..
ඔබේ සෙනෙහෙබර දෙනෙත මායිමේ..
සිනහවක අරුම මැවූ අද මට
තනිකමත් දුකකුත් ඉතුරු කර,
ඉවත ගොස් ඇත මගෙන් දුරකට..
ඔබේ පාමුල තැබූ මගෙ ලොව,
මලක් පිදුසේම භක්තියෙන් මම,
පෙමත් සමගින් තුරුකරගෙන,
හදට පිදුවා මතකදෝ ඔබට..
වැටුන එකම කඳුලක් වුවද දෙනෙතින්,
බිමට අතනොහැරම සීතලට,
මගේ පපුව මැද තියෙන උණුහුමින්,
දොවා දුන් හැටි මතකදෝ නුඹට..
ගෙවෙන දිනයක් පාසාම ජීවිතේ,
අඳුර සමගින් පොරබඳින්නෙමි..
තවත් සිතකට පෙම පුදන්නට,
දිරිය නැති බව පසක් කොටගෙන...