සඳක් ගැවසුනි
තෙරක් නොදකින
තරුවක් ද විය
දිලෙන නිවෙන
තැනක් නොතැනක්
නැතුව සඳ
වැලපුණේ ඈ
තරුව නැති තැන
සඳට තරුවට
අහස වුනි මම
එක්ව ඉන්නට
වරම් දුනි මම
තරුව සතුටිනි
අද, සඳද සතුටිනි
අහස වී මං
පසෙක වී ඉමි
Showing posts with label love hurts. Show all posts
Showing posts with label love hurts. Show all posts
Sunday, January 18, 2015
Monday, September 15, 2014
මටත් ආදරේ බව
අනන්තයකට පෙම් කරන්නේ
කිසිත් නොපතා ඔබෙන් මං
ඇසක් නොගැටී කල්පයක් කල්
සිටින්නේ ඔබ නිසයි මං
ලොවක් අතහැර දිවි ගෙවන්නේ
ඔබ මගේ ලොව නිසා නම්
වරක් හෝ පවසන්න මට අද
මුළු සිතින් ආදරෙයි නම්
සිහින් සරයෙන් සිතට ගෙනෙනා
හුදෙකලාවෙ සිතුවිලි වුනත්
නොදැනෙනා ලෙස මගේ සිතින් මා
පවන වෙත මුසු කරන්නම්
නැතත් අහිතක් කිසි කලකදී
නුඹගැනම මගේ සිත අගින්
මටත් ආදරේ බව අහන්නට
ඔය මුවින් ආසයි මමත්...
කිසිත් නොපතා ඔබෙන් මං
ඇසක් නොගැටී කල්පයක් කල්
සිටින්නේ ඔබ නිසයි මං
ලොවක් අතහැර දිවි ගෙවන්නේ
ඔබ මගේ ලොව නිසා නම්
වරක් හෝ පවසන්න මට අද
මුළු සිතින් ආදරෙයි නම්
සිහින් සරයෙන් සිතට ගෙනෙනා
හුදෙකලාවෙ සිතුවිලි වුනත්
නොදැනෙනා ලෙස මගේ සිතින් මා
පවන වෙත මුසු කරන්නම්
නැතත් අහිතක් කිසි කලකදී
නුඹගැනම මගේ සිත අගින්
මටත් ආදරේ බව අහන්නට
ඔය මුවින් ආසයි මමත්...
Sunday, September 29, 2013
කඳුලැලි බෝමයි...
කඳුලැලි බෝම නෙතු අග මට දැවටෙන්ට
සිතුවිලි බෝම ඔබ ලඟ මට වැලපෙන්ට
ගිලිහුනු මතක ඔබ මට සිහිකරන විට
ඇයි මට කඳුලු දුන්නෙත් හිත පාරන්ට
හිමිවුනු පෙමට කවුරුද හැඬුවේ දුකට
ලෝකය ගැරහුවත් පෙමකට නෑ මුලා කර
සිතුවිලි වුවත් යළි එක් නොවෙනා කලට
කුමට යළිත් අපි හමුවේ නම් පුරුදුකොට
සිතකින් සිතක සිතුවිලි සුව නොදේ නම්
කුමකින් කුමක් මට සිදුවී ගියාදෙන්
ලෝකය වුනත් නිති නුඹ ලඟ රැඳේනම්
කුමට ඉතින් තනි මා ගැන කල්පනාවන්
(~ තරිඳු පතිරණ ~)
සිතුවිලි බෝම ඔබ ලඟ මට වැලපෙන්ට
ගිලිහුනු මතක ඔබ මට සිහිකරන විට
ඇයි මට කඳුලු දුන්නෙත් හිත පාරන්ට
හිමිවුනු පෙමට කවුරුද හැඬුවේ දුකට
ලෝකය ගැරහුවත් පෙමකට නෑ මුලා කර
සිතුවිලි වුවත් යළි එක් නොවෙනා කලට
කුමට යළිත් අපි හමුවේ නම් පුරුදුකොට
සිතකින් සිතක සිතුවිලි සුව නොදේ නම්
කුමකින් කුමක් මට සිදුවී ගියාදෙන්
ලෝකය වුනත් නිති නුඹ ලඟ රැඳේනම්
කුමට ඉතින් තනි මා ගැන කල්පනාවන්
(~ තරිඳු පතිරණ ~)
Tuesday, July 16, 2013
යන්නෙමි...
දෙසවන් වුනත් ලොව ගැන දැන උන්නා..
දෙනුවන් පුරා එහි අසිරිය නිති මැවුනා
කම්මුල් මතට එකිනෙක කඳුලැලි වැටුනා
හදවත සොරාගෙන ඇය යළි දුර ඇදුනා
දකිමින් දසුන් සනසවමින් සිත මත්තේ
අසමින් සතන් පිළිබඳ මේ දතයුත්තේ
පවකින් වුනත් විඳවන මගෙ සිත මත්තේ
සතුටින් කියමි ඇයටයි මං පෙම් බැන්ඳේ
දිවියෙන් අඩක් ඔබ ගැන සිතමින් ඉඳලා
වෙනයම් කෙනෙක් ගැන සිතනට නොහැක මෙදා
රුවලින් මිදී පාවෙන ඔරුකඳ විලසා
යන්නෙමි ඔබෙන් සමුගෙන මං සැඟවීලා
දෙනුවන් පුරා එහි අසිරිය නිති මැවුනා
කම්මුල් මතට එකිනෙක කඳුලැලි වැටුනා
හදවත සොරාගෙන ඇය යළි දුර ඇදුනා
දකිමින් දසුන් සනසවමින් සිත මත්තේ
අසමින් සතන් පිළිබඳ මේ දතයුත්තේ
පවකින් වුනත් විඳවන මගෙ සිත මත්තේ
සතුටින් කියමි ඇයටයි මං පෙම් බැන්ඳේ
දිවියෙන් අඩක් ඔබ ගැන සිතමින් ඉඳලා
වෙනයම් කෙනෙක් ගැන සිතනට නොහැක මෙදා
රුවලින් මිදී පාවෙන ඔරුකඳ විලසා
යන්නෙමි ඔබෙන් සමුගෙන මං සැඟවීලා
Tuesday, July 2, 2013
Sunday, May 19, 2013
Saturday, May 18, 2013
පෙමක මහිම
පෙමක මහිම පෙම් කල විට දැනගත්තා
රුවක මහිම රුව දුටු විට නෙත් දැක්කා
හිතක මහිම සිත් ගත් දා සිට දැනුනා
ළඳක වරුණ නුඹ දුක් දුන් දා සිට දැනුනා
ලියක් දිදුල පහනක් මෙන් නිදි වරලා
රැයක් දවාලක් නැතිවම මම රැක්කා
කුසට අහර දිවට මිහිර දුන් මා විසි කරලා
ගියේ මන්ද තුන් වසරක පෙම බිඳලා
නුඹට ගෙවපු කාලය ගැන දුක් රන්දා
ලොවට කියා පාන දුකත් අතහැරියා
හදට දුන්නු දුක් අතහැර ජය රන්දා
දිවි සුරැකුමට මං මගෙ සිත ඇන්දා
( ~ තරිඳු පතිරණ ~ )
ජීවිතය හා තනිකම
තනිකම දුකකි තනියම ඉන්න විටදී,
මරණය දුකකි තනිකම හුරු විටදී,
තනිකම දුකකි ළංවූ අය වෙන්වෙද්දී,
මරණය සැපකි අප්‍රිය සම්ප්‍රේයෙදී...
නෙතට සැපක් වී කඳුලින් ලියමි සිතා,
රුවට රසක් වී නුඹ හැර යාමත් දුකකී,
හිතට වහල් වී මෙතුවක් කල් දුක් විඳිමි,
මට මොන නැකත්දෝ දැන් කල් ගියා වැඩී..
මෙතරම් දුරක් ආවේ තනියමයි මම,
යායුතු දුරත් ඇත එය දැරුමටත් බැරී,
නිවහල් සිතක ඇති සැපතක් තුරුළු කර,
අවසන් නින්ද පනමි සමුගෙනම ලොවෙන්...
( ~ තරිඳු පතිරණ ~)
මරණය දුකකි තනිකම හුරු විටදී,
තනිකම දුකකි ළංවූ අය වෙන්වෙද්දී,
මරණය සැපකි අප්‍රිය සම්ප්‍රේයෙදී...
නෙතට සැපක් වී කඳුලින් ලියමි සිතා,
රුවට රසක් වී නුඹ හැර යාමත් දුකකී,
හිතට වහල් වී මෙතුවක් කල් දුක් විඳිමි,
මට මොන නැකත්දෝ දැන් කල් ගියා වැඩී..
මෙතරම් දුරක් ආවේ තනියමයි මම,
යායුතු දුරත් ඇත එය දැරුමටත් බැරී,
නිවහල් සිතක ඇති සැපතක් තුරුළු කර,
අවසන් නින්ද පනමි සමුගෙනම ලොවෙන්...
( ~ තරිඳු පතිරණ ~)
Friday, May 17, 2013
Where Do I Belong?
My eyes have become seas,
Waves of memories are hitting the shores..
Dropping down from the eyes like tears...
Every passing minute is wounding..
Every wound has become a goal..
Those goals have become milestones of my love...
I'm a river that got tired running long distance..
Meandering into dust without reaching any sea-shore...
I'm a dream that walked out of the eye..
I don't belong to any of the two eyes...
Has my love turned into friendship?
Has my life become an unanswered question?
Is there any name for this relationship?
If so, is there any possibility to separate it?
Waves of memories are hitting the shores..
Dropping down from the eyes like tears...
Every passing minute is wounding..
Every wound has become a goal..
Those goals have become milestones of my love...
I'm a river that got tired running long distance..
Meandering into dust without reaching any sea-shore...
I'm a dream that walked out of the eye..
I don't belong to any of the two eyes...
Has my love turned into friendship?
Has my life become an unanswered question?
Is there any name for this relationship?
If so, is there any possibility to separate it?
Wednesday, May 15, 2013
සිනාසෙන්නී කොහේද යන වග...
ආකාස අඳුරු වලා පටල දෙස,
හෙළා මා දිළිඳු නෙත් යුගළ,
කඳුළු උල්පතක් හදවතෙහි මතු කර,
දිලෙන තරු අතර ඇයව සොයන්නෙමි මම..
නදී තෙර හිඳ සිහිල් සුළං වැද,
කෙහෙරැල් ඇඟිලි තුඩින් එක්තැන්කොට,
හද මායිම් කර උණුසුමේ වැට බැඳ,
සිනා සැලුවෙමි පෙම් සුවේ විඳ..
පර්වත තුරු ලතා විමසයි ඔබ ගැන,
සිනාසෙන්නී කොහේද යන වග..
හාදු වැස්සේ තෙමී සීතලට,
අනන්ත සිහිනයේ සෙවණක් සොයමින්,
සඳ කිරණේ පහස ලෑබූ මාවත් මෙන්ම,
අඳුරේ ගිලී වැසුනු මංමාවත් තුළ,
බැඳී ආදර යදමින් සිපගෙන,
දැවටුනා මතකයි ඇය මගේ දෑත් මත...
හෙළා මා දිළිඳු නෙත් යුගළ,
කඳුළු උල්පතක් හදවතෙහි මතු කර,
දිලෙන තරු අතර ඇයව සොයන්නෙමි මම..
නදී තෙර හිඳ සිහිල් සුළං වැද,
කෙහෙරැල් ඇඟිලි තුඩින් එක්තැන්කොට,
හද මායිම් කර උණුසුමේ වැට බැඳ,
සිනා සැලුවෙමි පෙම් සුවේ විඳ..
පර්වත තුරු ලතා විමසයි ඔබ ගැන,
සිනාසෙන්නී කොහේද යන වග..
හාදු වැස්සේ තෙමී සීතලට,
අනන්ත සිහිනයේ සෙවණක් සොයමින්,
සඳ කිරණේ පහස ලෑබූ මාවත් මෙන්ම,
අඳුරේ ගිලී වැසුනු මංමාවත් තුළ,
බැඳී ආදර යදමින් සිපගෙන,
දැවටුනා මතකයි ඇය මගේ දෑත් මත...
Saturday, May 11, 2013
පරසතු මල
එවන් කාලයක් තුළ,
ජීවිතයේ වැට කඩුලු නොදැන ඉගිළ ගියෙමි..
එවන් කාලයක මැවූ අනන්ත වූ සිහින...
සැබෑ ආදරයක්ද වත් නිසිලෙස නොමදැන,
බැඳුනු පෙම් සිතේ නාමයෙන්..
ඇය සිහිනයක්ම විය සදහටම,
මගේ හුදෙකලා හද පතුලේ වැජඹුන,
මගේ දෑස් පියවෙන දිනයක,
මාත් සමඟම මතක කවුළු වසාගන්නට උරුම,
මගේ මතකයෙම වැලලී නොයන මතකයක් සේම,
රැඳෙනු ඇත නොසිඳී කිසිදිනෙක..
සිනහවන්නට ඇගේ සුරත එක්කර ගෙන මගේ දෑත් මත මට,
නොහැකි වූයේ මගේ වරදින් නොව,
පරසතු මලක්ම විය ඈ,
තවත් හදවතක් සනසන...
Thursday, May 9, 2013
සදා බැඳි පෙම්...
සදාකාලික නොවූ ලෝකයෙ,
සදා පෙම් බැන්ද හින්දද,
මෙදා මගෙ සිත පාරවන්නේ..
ගෙවෙන අදට වැඩියෙන්,
හෙට ලබන දවස නම් මට,
විඩාවක් බව පමණක්,
දනිමි හොඳටම සිතින්..
බිඳුනු සෙනෙහස ගොඩනගන්නට,
පාරවා සිත දුරක යන්නට,
මගේ හද තුල ඉඩක් ඇත්තේ,
දිවිය ඇති තුරු ඔබට පමණක්ය...
Wednesday, May 8, 2013
මගේ තනිකම...
අඳුරේ තනිවුනු ගිමන් නොනිවන, මගේ සිතුවිලි,
ඔබට නොකියමි, ඔබෙන් සඟවමි,
කියන්නට වුවමනා තිබුනත්,
අයිති නැති බව දැනෙන හින්දා..
දිනක් දෙකක් මගෙ ලඟින් නැතිවිට,
ලඟම දැවටුනු සුවඳ දැනෙනවිට,
සිතෙයි දැනටත් සොය දිව එන්නට,
නමුදු මගෙන් ඔබ වෙන්ව ඇති බව
පසක්කොට මට වැටහෙනවා නිතරම,
ඔබේ නිකැලැල් සුමුදු සිත මත,
මගේ ස්නේහයේ මල් එකක් මත එක,
දිවිය අතු මගක රැදෙන තුරු,
පුදන්නට ඇති නම් සිතෙයි මට...
තනි ඇතත් මේ ගෙවෙන මොහොතත්,
හුදෙකලා වූ මෙ ගෙවුනු දෙක තුනත්,
ඔබ නැතිව මං විඳවපු තරම් නම්,
ඔබට කිසිදා දැනෙනු ඇතිවේද...
Tuesday, May 7, 2013
සිතක් සිර කර...
නැගෙන්නට හිරු, ඈත අර කඳු මුදුනින් තවත් ඇත්තේ පැය කිහිපයකි.
දිනක් ගෙවී තවත් දිනකට ලොව පිය නඟන මෙවන් හෝරාවක,
මගේ සුසුමත් මමත් පමණක් ඉතිරි මගේ මේ පාලු ලොව තුල,
ඉරක් ආයෙ කවදා නම් නැගේවිද?
සිතක් පතුලක පෙමක් හිර කර, ගෙවන දවසට සියදහස් වතාවක් විඳවන,
අතීතය මත රැඳුනු සිතුවිලි,
නිමක් වන්නේ නම් නැත කිසිදිනෙක.
සිතේ විරහව, නෙත'ඟ කඳුලද,
හද සුසුමක්ද, හැර යමක් උරුම නැත මට මගේ ලොව තුල.
ආදරය පිවිතුරුම විදියට, අතට අරගෙන මල් අසුනක තබා මම,
ඊයේ මෙන් අදත්, මහත් වූ හද භක්තියෙන් හිඳ,
පුදන්නට සැරසී හිඳිම් තවත්,
ඔබ ඒවිදො සිට පෙර මග බලා..
Subscribe to:
Posts (Atom)



