Wednesday, January 15, 2014

මගේ කඳුලු

කඳුලු අරන් හිත වැලපෙන
මටත් නොකියා මට රිදවන
මගේ.. එකම ආදරයට
නුඹ පුන්සඳ දුන් කළුවර..

මටත් හැකිය නාඬා ඉන්න
නුඹ වාගෙම හිනා වෙන්න..
නුඹෙ හිත කළු ගලක් මෙන්ද
මගෙ කඳුලින් දිය කරන්න

දවසක් එයි මට නොකියම
නුඹට වුනත් තේරෙන්නට
නුඹෙත් කඳුලු වටිනවාද
මගේ කඳුලු තරම් නුඹට

( ~ තරිඳු පතිරණ ~ )