Sunday, January 18, 2015

සඳයි, තරුවයි, අහසයි, මමයි...

සඳක් ගැවසුනි
තෙරක් නොදකින
තරුවක් ද විය
දිලෙන නිවෙන
තැනක් නොතැනක්
නැතුව සඳ
වැලපුණේ ඈ
තරුව නැති තැන
සඳට තරුවට
අහස වුනි මම
එක්ව ඉන්නට
වරම් දුනි මම
තරුව සතුටිනි
අද, සඳද සතුටිනි
අහස වී මං
පසෙක වී ඉමි