Wednesday, July 31, 2013

අද මගෙ එකම පැතුම

ආදරය යන වදනට අරුතක්
සොයාගෙන මම දුරක් ගෙවමින්
පිය නැගූ ඒ මතකයන් අතර
සැඟව යයි මගේ සිතුම් පොදි වැල්

ඔබේ හඬ දෙසවනේ දැවටී
පුබුදවූ සිත නැවුම් සිතුවිලි
දෙවසරකට පසුවද තවම එතනම
හිරවෙලා ඉකි ගසයි සීරුවට

නෙතඟ මායිමට වෙලා ආදරෙන්
කිවු රහස් හෙමි හෙමින් රැවු දෙමින්
සිහින ලෝකෙන් මිදෙන විටකට
මවයි කඳුලැලි මගෙ නෙතින්

මා තරම් මේ විසල් පොලොව මත
නුඹට පෙම් බැඳි සිතක් තවත් නැත
නමුත් අද මගෙ එකම පැතුම නම්
මට වඩා මගෙ සිතට වඩා
පෙම් කරන සිතක් හමුවෙවා නුඹට හෙට

Saturday, July 20, 2013

මගේ හෙට දින

දකින දසුනට
වසඟ වූ සිත
මතම මියැදුන
පෙමක් ඇත මට..


සුවහසක් පෙම්
පිරුනු සිතුවිලි
එකක් මත එක
රැඳෙයි නිතරම

අන්ධ දෙනුවන්
වැසුනු දෙසවන්
මගේ හෙට දින
උරුමයකි සිත

ගෙවෙන දිනයක
නෙතු මතම හිඳ
මගේ සියොලඟ
දැවෙනු ඇත හෙට...

Tuesday, July 16, 2013

යන්නෙමි...

දෙසවන් වුනත් ලොව ගැන දැන උන්නා..
දෙනුවන් පුරා එහි අසිරිය නිති මැවුනා
කම්මුල් මතට එකිනෙක කඳුලැලි වැටුනා
හදවත සොරාගෙන ඇය යළි දුර ඇදුනා

දකිමින් දසුන් සනසවමින් සිත මත්තේ
අසමින් සතන් පිළිබඳ මේ දතයුත්තේ 
පවකින් වුනත් විඳවන මගෙ සිත මත්තේ
සතුටින් කියමි ඇයටයි මං පෙම් බැන්ඳේ

දිවියෙන් අඩක් ඔබ ගැන සිතමින් ඉඳලා
වෙනයම් කෙනෙක් ගැන සිතනට නොහැක මෙදා
රුවලින් මිදී පාවෙන ඔරුකඳ විලසා
යන්නෙමි ඔබෙන් සමුගෙන මං සැඟවීලා

පුරුද්ද

පෙරළෙන ගලක් ලෙස පෙම් බැන්දාට
ගොඩ දිය ගලන සයුරට ලුණු පොදක් ලෙස
ගලනා වැහි වැටුනත් ගොඩ ගලන්නට
පෙරදා මතක මැවුනා..දෝ සිතක් යට

හැමුවත් සුලඟ දෙසවනෙ සිත නොරැඳෙන්න
වැපුරූ කඳුළු මදි වුනි නම් මගෙ නෙත් දෙකට
අසා සිටිමි බොරුවූ ඉසිවර වදන් මග
දුකක් නැතත් කඳුළු ඉනුවෙ පුරුද්දට


( ~ තරිඳු පතිරණ ~ )

Thursday, July 4, 2013

මගේ හදවතේ සිතුම්

නිමක් ඉමක් නැති අහස් ගව්වේ
හැඩක් නොමැති වලාකුළක් අතරේ
සැඟව යන්නේ අටවක සඳ
එයත් හරියටම මගෙ පෙම වන්
දුකක් පමණක් උරුම වී දෝ..

නෙතත් කඳුලත් එකිනෙකට පෙම් බැඳ
රැයක් මැදියම සිතට එබිකම් කර
හඬන සිත යට අළු සුසර කර
දැවෙන දෙනෙතට දමනවා දර

ගෙවෙන දිනයක කල්පනා මැද
තැවෙනවිට ඔබ පැමිණ නෙතු අගට
අසනවිට ඔබ ගැනම ලොව අද
දෙන්න පිළිතුරු කොහෙද අද මට...

මට මගේ සිත යට...

මට මගෙ සිත යට දැනෙන
දුක වේදනාව සිතට රහසින්
අඳුරු මුල්ලක සීතලට ගුලි කර
තබාගත හැක ඔබේ සිනහවට ඉඩ දී...
තවත් දිනෙකට නැගෙන හිරු සඳු
සොයනු ඇත ඔබට පෙම් කල මා
නමුදු ඒ ලොවෙන් වුව සැඟවී
ඉන්න හැකි මට හෙටත් මේ ලෙස...