Saturday, July 20, 2013

මගේ හෙට දින

දකින දසුනට
වසඟ වූ සිත
මතම මියැදුන
පෙමක් ඇත මට..


සුවහසක් පෙම්
පිරුනු සිතුවිලි
එකක් මත එක
රැඳෙයි නිතරම

අන්ධ දෙනුවන්
වැසුනු දෙසවන්
මගේ හෙට දින
උරුමයකි සිත

ගෙවෙන දිනයක
නෙතු මතම හිඳ
මගේ සියොලඟ
දැවෙනු ඇත හෙට...

No comments:

Post a Comment