Thursday, July 4, 2013

මගේ හදවතේ සිතුම්

නිමක් ඉමක් නැති අහස් ගව්වේ
හැඩක් නොමැති වලාකුළක් අතරේ
සැඟව යන්නේ අටවක සඳ
එයත් හරියටම මගෙ පෙම වන්
දුකක් පමණක් උරුම වී දෝ..

නෙතත් කඳුලත් එකිනෙකට පෙම් බැඳ
රැයක් මැදියම සිතට එබිකම් කර
හඬන සිත යට අළු සුසර කර
දැවෙන දෙනෙතට දමනවා දර

ගෙවෙන දිනයක කල්පනා මැද
තැවෙනවිට ඔබ පැමිණ නෙතු අගට
අසනවිට ඔබ ගැනම ලොව අද
දෙන්න පිළිතුරු කොහෙද අද මට...

No comments:

Post a Comment