Tuesday, July 16, 2013

පුරුද්ද

පෙරළෙන ගලක් ලෙස පෙම් බැන්දාට
ගොඩ දිය ගලන සයුරට ලුණු පොදක් ලෙස
ගලනා වැහි වැටුනත් ගොඩ ගලන්නට
පෙරදා මතක මැවුනා..දෝ සිතක් යට

හැමුවත් සුලඟ දෙසවනෙ සිත නොරැඳෙන්න
වැපුරූ කඳුළු මදි වුනි නම් මගෙ නෙත් දෙකට
අසා සිටිමි බොරුවූ ඉසිවර වදන් මග
දුකක් නැතත් කඳුළු ඉනුවෙ පුරුද්දට


( ~ තරිඳු පතිරණ ~ )

No comments:

Post a Comment