Tuesday, June 11, 2013

සරසවියේ සුවඳ පොද




සරසවි බිමේ නුඹ රැඳී ඒ සුවඳ තෙමා
වැහිදියබිමට වැටුනලු මතකයන් ගලා
ඔබ මට ලැබුනු තැන් වල සිහිවටන දරා
ඉසුරුමුණිය ලෙස ඇත ගල් කුළක කොටා

නොහඬමි ළඳුනි නොහඬමි නුඹෙ ගුණ වයලා
ඔබ මා රැක්කෙ මගෙ නෙත් දෙක ලඟට තියා
පෙමකට මුවාවී පෙමකට හිත ඇදිලා
ඇසුනද ලඳුනි ලොව මට විහිලුවක් කලා

පෙරදින මතක පාරයි සරසවියෙ බිමේ
මෙතුවක් කලක් පෙම් බැන්දේ නුඹද ලඳේ
මා වැරදිය බවක් ලොවටම පෙන්නලා ලඳේ
ඇත කලු ගලක් මිණිකැට ලෙස මහ පොලොවේ..

( ~තරිඳු පතිරණ ~ )

Saturday, June 8, 2013

ඔබට මා හැර ජීවත් වීමට සිදු වේ..

මා අමතක කරනු මැනවි
මේ සමුගැනීමයි ඔබෙන්..
ඔබට මා හැර ජීවත් වීමට සිදු වේ...
මේ ඔබේ ජීවිතයයි, මේ ඔබේ මාවතයි..
ඔබට මා හැර ජීවත් වීමට සිදු වේ...
ලෝකයම ඔබේ වනු ඇත
එය මගේ පැතුමයි
සියළු අහුසස් ඔබේ වනු ඇත
එය මගේ පැතුමයි..
ඔබේ වෙරළාන්තය ඔබමය
ඔබේ ජීවනය ඔබමය
හෙටදිනේ වැයෙන ගී තනුව ඔබමය
හෙට දිනේ ලියැවෙන වෘතාන්තයද ඔබමය
අදහමින් ඔබ ගැනම
ඔබේ දෙවි ඔබම වන්න..
සිසිරයේ රෑකල මම වෙමි
ඔබ නව දිනයක උදාවකි
ඔබට මා හැර ජීවත් වීමට සිදු වේ..
වසන්ත සිසිලට පිපෙන දින අතර
ඔබට මා හමු වනු ඇත
අපේ මාර්ග රැඳෙන සිතලඟ
ඔබට මා හමු වනු ඇත..
කෙසේ හෝ කෙදින හෝ
නැවත මා මුණගැසෙන්නෙමි
මේ මගේ ගිවිසුමයි
සැමවිටම සැමතැනම
ඔබේ ළඟ රැඳෙමි
මේ මගේ ගිවිසුමයි..
ඔබට මා හැර ජීවත් වීමට සිදු වේ...

Wednesday, June 5, 2013

නුඹ නොලැබුනත්

මට හිමි පෙමට මම ලියනෙමි නුඹෙ නමට
පෙම්හද අරුණ පෙම් මනසට තේරෙන්ට
අරුණක් පිබිදෙන්නේ ඝනදුර දුරලන්ට
දෑසත් නොහඬා හද දුක් දෙයි වුන දේට

පෑරුනු සිතට නුඹ ආවේ මන්ද ලඳේ
පීදුනු හීන මට ගෙනැවිත් දුන්න ලඳේ
අහිමි බවත් දැන දැන පෙම් කලෙමි ලඳේ
යාවුනු කඳුළු නුඹ ඇයි මට උරුම කලේ

නුඹ නොලැබුනත් පෙම් කල නුඹෙ නමට
නුඹ මගෙ ලොවට එන්නැති බව දැනුනු කල
ඉකිබිඳ වැලපුනත් යළි ඔබ රැකගන්ට
තනියට පෙම් බැඳේ නුඹ නැති අඩුව පුරවන්ට

( ~ තරිඳු පතිරණ ~ )

Saturday, June 1, 2013

තනිකම හුරු නැති හින්දා

හිත මතුපිට හිත හැංගුව බව දන්නා
නෙත් මතු පිට නෙත් හැංගුව බව දන්නා
හිත මතුපිට ඔබ නැති බව මම දන්නා
හොරෙන් වැටෙන දුක් කඳුලට පෙම් බැන්දා

ඇයට හොරා මං මගෙ හිත හැදුවා
එලෙස කලත් මගෙ හිත අද මට නැතුවා
ලොවට හොරා රන් රුවකට ලොබ බැන්දා
උරුම කඳුල අරුමයකි මට ඔබ හන්දා

දැරිය නොහැකි දුක් කරදර ඔබ හන්දා
නොකියා මගෙ හිත සෙනෙහස ඔබ බින්දා
ඔබට නැගෙන හසරැලි මගෙ නොවෙන නිසා
කඳුලු සලමි තනිකම හුරු නැති හින්දා

(~ තරිඳු පතිරණ ~)