Wednesday, July 31, 2013

අද මගෙ එකම පැතුම

ආදරය යන වදනට අරුතක්
සොයාගෙන මම දුරක් ගෙවමින්
පිය නැගූ ඒ මතකයන් අතර
සැඟව යයි මගේ සිතුම් පොදි වැල්

ඔබේ හඬ දෙසවනේ දැවටී
පුබුදවූ සිත නැවුම් සිතුවිලි
දෙවසරකට පසුවද තවම එතනම
හිරවෙලා ඉකි ගසයි සීරුවට

නෙතඟ මායිමට වෙලා ආදරෙන්
කිවු රහස් හෙමි හෙමින් රැවු දෙමින්
සිහින ලෝකෙන් මිදෙන විටකට
මවයි කඳුලැලි මගෙ නෙතින්

මා තරම් මේ විසල් පොලොව මත
නුඹට පෙම් බැඳි සිතක් තවත් නැත
නමුත් අද මගෙ එකම පැතුම නම්
මට වඩා මගෙ සිතට වඩා
පෙම් කරන සිතක් හමුවෙවා නුඹට හෙට

No comments:

Post a Comment