Tuesday, July 16, 2013

යන්නෙමි...

දෙසවන් වුනත් ලොව ගැන දැන උන්නා..
දෙනුවන් පුරා එහි අසිරිය නිති මැවුනා
කම්මුල් මතට එකිනෙක කඳුලැලි වැටුනා
හදවත සොරාගෙන ඇය යළි දුර ඇදුනා

දකිමින් දසුන් සනසවමින් සිත මත්තේ
අසමින් සතන් පිළිබඳ මේ දතයුත්තේ 
පවකින් වුනත් විඳවන මගෙ සිත මත්තේ
සතුටින් කියමි ඇයටයි මං පෙම් බැන්ඳේ

දිවියෙන් අඩක් ඔබ ගැන සිතමින් ඉඳලා
වෙනයම් කෙනෙක් ගැන සිතනට නොහැක මෙදා
රුවලින් මිදී පාවෙන ඔරුකඳ විලසා
යන්නෙමි ඔබෙන් සමුගෙන මං සැඟවීලා

No comments:

Post a Comment