කඳුලැලි බෝම නෙතු අග මට දැවටෙන්ට
සිතුවිලි බෝම ඔබ ලඟ මට වැලපෙන්ට
ගිලිහුනු මතක ඔබ මට සිහිකරන විට
ඇයි මට කඳුලු දුන්නෙත් හිත පාරන්ට
හිමිවුනු පෙමට කවුරුද හැඬුවේ දුකට
ලෝකය ගැරහුවත් පෙමකට නෑ මුලා කර
සිතුවිලි වුවත් යළි එක් නොවෙනා කලට
කුමට යළිත් අපි හමුවේ නම් පුරුදුකොට
සිතකින් සිතක සිතුවිලි සුව නොදේ නම්
කුමකින් කුමක් මට සිදුවී ගියාදෙන්
ලෝකය වුනත් නිති නුඹ ලඟ රැඳේනම්
කුමට ඉතින් තනි මා ගැන කල්පනාවන්
(~ තරිඳු පතිරණ ~)
Showing posts with label sinhala love songs. Show all posts
Showing posts with label sinhala love songs. Show all posts
Sunday, September 29, 2013
Tuesday, July 2, 2013
Subscribe to:
Posts (Atom)