සිනාවේවි අඩන්නටත්, අඩ අඩ සිනසෙන්නටත්
පුරුදු වෙච්ච ලෝකෙක අපි ගෙවාගෙන යන ජීවිතයක අරුමය
කියල නිම කරන්න බෑ නේද කිසිමදාක?
වෙන්වෙන්න බැරි අයම වෙන්වෙලා යන ජිවිතයක්ලු මේක..
තනි ජීවිතයකට දරාගන්න බැරි තරමේ
වෙන්වීම් ගොඩක් උරුම කරගත්තු ජිවිතලු
අපි හැමෝටම තියෙන්නේ..
මුළු හිතෙන්ම හිනාවුනේ කොච්චර අඩුවෙන්ද අපි..
හිතට දැනෙන තුනී දුක් නම් කොච්චරක්ද..
හිත මතම මැවුණු හීන කොච්චරක් තියේද..
ඒ හිතම බිඳුණු තැන් නම් කොච්චර ඇතිද..
දවසින් දවස ගෙවාගෙන යන මේ ජිවිතයම
ජිවිතයක් නෙමේ යයි හිතුනු තැන නම් කොච්චරක්ද..
ඒ ජීවිතේම කිසිම දවසක අවසාන නොවෙනවා නම් කියල
හිතුනු වාර අපමණයි නේද?
Monday, February 16, 2015
Sunday, January 18, 2015
සඳයි, තරුවයි, අහසයි, මමයි...
සඳක් ගැවසුනි
තෙරක් නොදකින
තරුවක් ද විය
දිලෙන නිවෙන
තැනක් නොතැනක්
නැතුව සඳ
වැලපුණේ ඈ
තරුව නැති තැන
සඳට තරුවට
අහස වුනි මම
එක්ව ඉන්නට
වරම් දුනි මම
තරුව සතුටිනි
අද, සඳද සතුටිනි
අහස වී මං
පසෙක වී ඉමි
තෙරක් නොදකින
තරුවක් ද විය
දිලෙන නිවෙන
තැනක් නොතැනක්
නැතුව සඳ
වැලපුණේ ඈ
තරුව නැති තැන
සඳට තරුවට
අහස වුනි මම
එක්ව ඉන්නට
වරම් දුනි මම
තරුව සතුටිනි
අද, සඳද සතුටිනි
අහස වී මං
පසෙක වී ඉමි
Subscribe to:
Posts (Atom)