Thursday, October 3, 2013

මම යමි

සිහිවුනු දුකට නෙතු කඳුලක් නෑම තමා
පෙර දින මතක පෑරුනු සිත එහෙම තියා
කඳුලැලි මතක මත ඇඳි ඒ සටහන් මකලා
පියඹා ඇදෙමි නිති මගෙ පිළිසරන සොයා

නුඹ රැඳි දුකට මට කඳුලැලි ඉනු දාට
නුඹ හට දුකක් නොවුනා ඇති හැමදාට
නෙත් වල රැඳුනු අනුකම්පා තුරුලුකොට
හැඬුවලු මමත් සත් සමුදුරු ගොඩ ගලන්නට

ඈතින් ඔබ යන්නේ මෑතට අත වනලා
දෝතින්ගෙන ජීවිතයම අත හැරලා
දින දින ගෙවුනු ඉපැරණි පෙම පසු කරලා
මම යමි මෙතන සදහට අද අත ඇරලා

( ~ තරිඳු පතිරණ ~ )

No comments:

Post a Comment