Wednesday, September 11, 2013

ගෙවුනු මතකයන්

විටින් විට
සිතුවිලිවල
හිමිකම අරගන්න
තැත් කරන අතරම..
අපට පමණක්ම
වැට බැඳුන
ලෝකයක් තුළ..
හිරවුනේ
අපටත් නොදැනීම අප..
ගෙවුනු මතකයන්
සිතේ දරාගෙන
දැවෙන සීතලක
පෙම තුරුලු කරගෙන,
මතක පිටු අතරෙ සැඟවුන
තනිවෙච්ච හිතට
අඬන්න අවසර
පතමි කුමරිය...

No comments:

Post a Comment