Monday, May 20, 2013
සිතන්න මොහොතක් - 1
සැබෑවකි, මුලාවකි,
ජීවිතය තුලාවකි..
සිහින වෙරළට නැගෙන පැතුම් රළ,
බිඳෙයි, යථාර්තයේ ගල් කුළේ හැපී..
නගන්නට වෙර දරන හසරැල්ල මුව'ඟට,
සැබෑවටමදෝ;
කඳුළු වසන් කරන්නටදෝ;
තතු දන්නේ සිතම පමණයි..
කාම සුඛයෙහි පැටලී දඟලන,
ජීවිතයයි ආදරයයි එකම හුයකින් බැඳ,
විසෙන් පිරුනු කටුක මාර්ගය,
එළි පෙහෙළි කර තනන පටුමග මත,
ඇවිද යන්නේ කුමක් පිණිසද,
නැතිනම් සැබෑම සතුටක්,
අප දිනාගත් ලෝකය තුළ...
ජීවිතය තුලාවකි..
සිහින වෙරළට නැගෙන පැතුම් රළ,
බිඳෙයි, යථාර්තයේ ගල් කුළේ හැපී..
නගන්නට වෙර දරන හසරැල්ල මුව'ඟට,
සැබෑවටමදෝ;
කඳුළු වසන් කරන්නටදෝ;
තතු දන්නේ සිතම පමණයි..
කාම සුඛයෙහි පැටලී දඟලන,
ජීවිතයයි ආදරයයි එකම හුයකින් බැඳ,
විසෙන් පිරුනු කටුක මාර්ගය,
එළි පෙහෙළි කර තනන පටුමග මත,
ඇවිද යන්නේ කුමක් පිණිසද,
නැතිනම් සැබෑම සතුටක්,
අප දිනාගත් ලෝකය තුළ...
Sunday, May 19, 2013
Saturday, May 18, 2013
පෙමක මහිම
පෙමක මහිම පෙම් කල විට දැනගත්තා
රුවක මහිම රුව දුටු විට නෙත් දැක්කා
හිතක මහිම සිත් ගත් දා සිට දැනුනා
ළඳක වරුණ නුඹ දුක් දුන් දා සිට දැනුනා
ලියක් දිදුල පහනක් මෙන් නිදි වරලා
රැයක් දවාලක් නැතිවම මම රැක්කා
කුසට අහර දිවට මිහිර දුන් මා විසි කරලා
ගියේ මන්ද තුන් වසරක පෙම බිඳලා
නුඹට ගෙවපු කාලය ගැන දුක් රන්දා
ලොවට කියා පාන දුකත් අතහැරියා
හදට දුන්නු දුක් අතහැර ජය රන්දා
දිවි සුරැකුමට මං මගෙ සිත ඇන්දා
( ~ තරිඳු පතිරණ ~ )
ජීවිතය හා තනිකම
තනිකම දුකකි තනියම ඉන්න විටදී,
මරණය දුකකි තනිකම හුරු විටදී,
තනිකම දුකකි ළංවූ අය වෙන්වෙද්දී,
මරණය සැපකි අප්‍රිය සම්ප්‍රේයෙදී...
නෙතට සැපක් වී කඳුලින් ලියමි සිතා,
රුවට රසක් වී නුඹ හැර යාමත් දුකකී,
හිතට වහල් වී මෙතුවක් කල් දුක් විඳිමි,
මට මොන නැකත්දෝ දැන් කල් ගියා වැඩී..
මෙතරම් දුරක් ආවේ තනියමයි මම,
යායුතු දුරත් ඇත එය දැරුමටත් බැරී,
නිවහල් සිතක ඇති සැපතක් තුරුළු කර,
අවසන් නින්ද පනමි සමුගෙනම ලොවෙන්...
( ~ තරිඳු පතිරණ ~)
මරණය දුකකි තනිකම හුරු විටදී,
තනිකම දුකකි ළංවූ අය වෙන්වෙද්දී,
මරණය සැපකි අප්‍රිය සම්ප්‍රේයෙදී...
නෙතට සැපක් වී කඳුලින් ලියමි සිතා,
රුවට රසක් වී නුඹ හැර යාමත් දුකකී,
හිතට වහල් වී මෙතුවක් කල් දුක් විඳිමි,
මට මොන නැකත්දෝ දැන් කල් ගියා වැඩී..
මෙතරම් දුරක් ආවේ තනියමයි මම,
යායුතු දුරත් ඇත එය දැරුමටත් බැරී,
නිවහල් සිතක ඇති සැපතක් තුරුළු කර,
අවසන් නින්ද පනමි සමුගෙනම ලොවෙන්...
( ~ තරිඳු පතිරණ ~)
Friday, May 17, 2013
පෙරළි පෙරළි ගල් කුලක් මතට දිව එන,
කුලෙහි වැදී පෙණ කැටිත් විසිරී..
දැනෙන්නේ මහ තනිකමක්, හුදෙකලාවක්..
මුසාවන්ගෙන් පිරි මායා ලෝකය,
පිළිබඳව කලකිරීමෙන්..
ඔබේ සෙනෙහෙබර දෙනෙත මායිමේ..
සිනහවක අරුම මැවූ අද මට
තනිකමත් දුකකුත් ඉතුරු කර,
ඉවත ගොස් ඇත මගෙන් දුරකට..
ඔබේ පාමුල තැබූ මගෙ ලොව,
මලක් පිදුසේම භක්තියෙන් මම,
පෙමත් සමගින් තුරුකරගෙන,
හදට පිදුවා මතකදෝ ඔබට..
වැටුන එකම කඳුලක් වුවද දෙනෙතින්,
බිමට අතනොහැරම සීතලට,
මගේ පපුව මැද තියෙන උණුහුමින්,
දොවා දුන් හැටි මතකදෝ නුඹට..
ගෙවෙන දිනයක් පාසාම ජීවිතේ,
අඳුර සමගින් පොරබඳින්නෙමි..
තවත් සිතකට පෙම පුදන්නට,
දිරිය නැති බව පසක් කොටගෙන...
කුලෙහි වැදී පෙණ කැටිත් විසිරී..
දැනෙන්නේ මහ තනිකමක්, හුදෙකලාවක්..
මුසාවන්ගෙන් පිරි මායා ලෝකය,
පිළිබඳව කලකිරීමෙන්..
ඔබේ සෙනෙහෙබර දෙනෙත මායිමේ..
සිනහවක අරුම මැවූ අද මට
තනිකමත් දුකකුත් ඉතුරු කර,
ඉවත ගොස් ඇත මගෙන් දුරකට..
ඔබේ පාමුල තැබූ මගෙ ලොව,
මලක් පිදුසේම භක්තියෙන් මම,
පෙමත් සමගින් තුරුකරගෙන,
හදට පිදුවා මතකදෝ ඔබට..
වැටුන එකම කඳුලක් වුවද දෙනෙතින්,
බිමට අතනොහැරම සීතලට,
මගේ පපුව මැද තියෙන උණුහුමින්,
දොවා දුන් හැටි මතකදෝ නුඹට..
ගෙවෙන දිනයක් පාසාම ජීවිතේ,
අඳුර සමගින් පොරබඳින්නෙමි..
තවත් සිතකට පෙම පුදන්නට,
දිරිය නැති බව පසක් කොටගෙන...
Where Do I Belong?
My eyes have become seas,
Waves of memories are hitting the shores..
Dropping down from the eyes like tears...
Every passing minute is wounding..
Every wound has become a goal..
Those goals have become milestones of my love...
I'm a river that got tired running long distance..
Meandering into dust without reaching any sea-shore...
I'm a dream that walked out of the eye..
I don't belong to any of the two eyes...
Has my love turned into friendship?
Has my life become an unanswered question?
Is there any name for this relationship?
If so, is there any possibility to separate it?
Waves of memories are hitting the shores..
Dropping down from the eyes like tears...
Every passing minute is wounding..
Every wound has become a goal..
Those goals have become milestones of my love...
I'm a river that got tired running long distance..
Meandering into dust without reaching any sea-shore...
I'm a dream that walked out of the eye..
I don't belong to any of the two eyes...
Has my love turned into friendship?
Has my life become an unanswered question?
Is there any name for this relationship?
If so, is there any possibility to separate it?
Thursday, May 16, 2013
මියෙන තුරුම...
ආදරයක් හෝ සැපයක්
නොලදිමි මං කිසි දිනකත්
ඇයට උරුම මගේ ලොවක
දකිනෙමි මම සිහින ලොවක්..
ආදරයෙන් ජීවිතේම
තුරුලට කර සුවඳ විදිමි
වේදනාව ඇති තරමට
ආදරයත් වැඩි වෙයි තව..
සිත රිදෙනා බව සත්තයි
එනමුත් ආලය දළුලයි
කඳුලැලි පිට පිට වැටුනත්
ආලයෙ නිම්තෙර නොදකිමි..
මේ ලෙස සැමදා හැඬුවත්
අවසන් මොහොතේ මාගේ
එකම සිතින් සමුගමි දැන..
පෙමත් සිතත් පිවිතුරු බව...
නොලදිමි මං කිසි දිනකත්
ඇයට උරුම මගේ ලොවක
දකිනෙමි මම සිහින ලොවක්..
ආදරයෙන් ජීවිතේම
තුරුලට කර සුවඳ විදිමි
වේදනාව ඇති තරමට
ආදරයත් වැඩි වෙයි තව..
සිත රිදෙනා බව සත්තයි
එනමුත් ආලය දළුලයි
කඳුලැලි පිට පිට වැටුනත්
ආලයෙ නිම්තෙර නොදකිමි..
මේ ලෙස සැමදා හැඬුවත්
අවසන් මොහොතේ මාගේ
එකම සිතින් සමුගමි දැන..
පෙමත් සිතත් පිවිතුරු බව...
ඵල නෑ හැඬුම නුඹ හට එය නොදැනේ නම්!
අහසට නොදැනේද සඳ සැඟවී හඬන තරම්
කතරට නොදැනේද තුරු ලිය ගොමු තැවෙන තරම්
මුහුදට නොදැනේද ගඟ දියවැල් පෙම් කෙරූ තරම්
හදකට නොදැනේද ආදරෙ සිහිවෙනා තරම්
ඇයගේ ළඟට යන දුර මග අතරක මම්
උණුහුම සොයා පියඹා තටු රිදෙන තරම්
දෙවෙනි කරන් දිවි කෙරුවාට මම පෙම්
ඵල නෑ හැඬුම නුඹ හට එය නොදැනේ නම්...
Original Post
කතරට නොදැනේද තුරු ලිය ගොමු තැවෙන තරම්
මුහුදට නොදැනේද ගඟ දියවැල් පෙම් කෙරූ තරම්
හදකට නොදැනේද ආදරෙ සිහිවෙනා තරම්
ඇයගේ ළඟට යන දුර මග අතරක මම්
උණුහුම සොයා පියඹා තටු රිදෙන තරම්
දෙවෙනි කරන් දිවි කෙරුවාට මම පෙම්
ඵල නෑ හැඬුම නුඹ හට එය නොදැනේ නම්...
Original Post
මටම හුරු තනිකම..
සැනසුම අබියස ඔබ මට පෙම් බැන්දා..
සිත ලඟ සැනසුම සෙවු ඔබ මට දුක් දුන්නා..
තනි වුනු මට තනිකම හුරු හන්දා..
දිවි බැමි බිඳිමි, සැනසුමකට සිත රන්දා...
කඳුලැලි ගැලු ඔබෙ දෙකොපුල් නෙතින් වසා..
හසරැලි නැගූ ඔබෙ සිනහව හදින් මකා..
අන් හදවතක දැවටෙන්නට බැරි හින්දා..
සිතුවිලි පුරමි මතු නිවනක් සිතින් පතා...
(~ තරිඳු පතිරණ ~)
සිත ලඟ සැනසුම සෙවු ඔබ මට දුක් දුන්නා..
තනි වුනු මට තනිකම හුරු හන්දා..
දිවි බැමි බිඳිමි, සැනසුමකට සිත රන්දා...
කඳුලැලි ගැලු ඔබෙ දෙකොපුල් නෙතින් වසා..
හසරැලි නැගූ ඔබෙ සිනහව හදින් මකා..
අන් හදවතක දැවටෙන්නට බැරි හින්දා..
සිතුවිලි පුරමි මතු නිවනක් සිතින් පතා...
(~ තරිඳු පතිරණ ~)
Wednesday, May 15, 2013
සිනාසෙන්නී කොහේද යන වග...
ආකාස අඳුරු වලා පටල දෙස,
හෙළා මා දිළිඳු නෙත් යුගළ,
කඳුළු උල්පතක් හදවතෙහි මතු කර,
දිලෙන තරු අතර ඇයව සොයන්නෙමි මම..
නදී තෙර හිඳ සිහිල් සුළං වැද,
කෙහෙරැල් ඇඟිලි තුඩින් එක්තැන්කොට,
හද මායිම් කර උණුසුමේ වැට බැඳ,
සිනා සැලුවෙමි පෙම් සුවේ විඳ..
පර්වත තුරු ලතා විමසයි ඔබ ගැන,
සිනාසෙන්නී කොහේද යන වග..
හාදු වැස්සේ තෙමී සීතලට,
අනන්ත සිහිනයේ සෙවණක් සොයමින්,
සඳ කිරණේ පහස ලෑබූ මාවත් මෙන්ම,
අඳුරේ ගිලී වැසුනු මංමාවත් තුළ,
බැඳී ආදර යදමින් සිපගෙන,
දැවටුනා මතකයි ඇය මගේ දෑත් මත...
හෙළා මා දිළිඳු නෙත් යුගළ,
කඳුළු උල්පතක් හදවතෙහි මතු කර,
දිලෙන තරු අතර ඇයව සොයන්නෙමි මම..
නදී තෙර හිඳ සිහිල් සුළං වැද,
කෙහෙරැල් ඇඟිලි තුඩින් එක්තැන්කොට,
හද මායිම් කර උණුසුමේ වැට බැඳ,
සිනා සැලුවෙමි පෙම් සුවේ විඳ..
පර්වත තුරු ලතා විමසයි ඔබ ගැන,
සිනාසෙන්නී කොහේද යන වග..
හාදු වැස්සේ තෙමී සීතලට,
අනන්ත සිහිනයේ සෙවණක් සොයමින්,
සඳ කිරණේ පහස ලෑබූ මාවත් මෙන්ම,
අඳුරේ ගිලී වැසුනු මංමාවත් තුළ,
බැඳී ආදර යදමින් සිපගෙන,
දැවටුනා මතකයි ඇය මගේ දෑත් මත...
Tuesday, May 14, 2013
Sunday, May 12, 2013
අවසරයි සමුගන්න..
සැමදාම වගේ තවත් දිනකට සමුගන්න
ඉඩ දෙන්න මට දැන්
මතකයේ පවන් රැල් අතරේ
අද දිනයත් සැඟවිලා ගියාවේ..
ඔබගේ උණුහුමේ ගතකල හෝරා කිහිපය
අනන්තය වෙත මා අරගෙන ගියා..
පිනිබිඳුවක සීතලට
කම්මුල දිගේ රූරා ඇදෙන
ඔය පුංචි දෙනෙතේ වේදනාව,
නොදැනෙනවා නොවේ මටත්,
එනමුත් සමුගත යුතුය..
දෑඟිලි එකින් එක අතැර දමමින්,
නළල මත හාදුවක් තබමින්,
තවත් දවසක ඔබේ තුරුලත,
පහස විඳ ගෙන සුවෙන් සැතපෙන්නට,
පැමිණෙන බවට දිවුරමින් සඳ,
සුළඟ සමඟ නොපෙනී යන්න යන්නෙමි මම...
Saturday, May 11, 2013
පරසතු මල
එවන් කාලයක් තුළ,
ජීවිතයේ වැට කඩුලු නොදැන ඉගිළ ගියෙමි..
එවන් කාලයක මැවූ අනන්ත වූ සිහින...
සැබෑ ආදරයක්ද වත් නිසිලෙස නොමදැන,
බැඳුනු පෙම් සිතේ නාමයෙන්..
ඇය සිහිනයක්ම විය සදහටම,
මගේ හුදෙකලා හද පතුලේ වැජඹුන,
මගේ දෑස් පියවෙන දිනයක,
මාත් සමඟම මතක කවුළු වසාගන්නට උරුම,
මගේ මතකයෙම වැලලී නොයන මතකයක් සේම,
රැඳෙනු ඇත නොසිඳී කිසිදිනෙක..
සිනහවන්නට ඇගේ සුරත එක්කර ගෙන මගේ දෑත් මත මට,
නොහැකි වූයේ මගේ වරදින් නොව,
පරසතු මලක්ම විය ඈ,
තවත් හදවතක් සනසන...
Friday, May 10, 2013
Thursday, May 9, 2013
වස්සානයේ නිමවුනු සිහිනයක්...
වස්සානයේ නිමවුනු සිහිනයක්...
අඳුරු වලාපට වෙලුනු ලෝකයක,
කුරුරි සීතල සුළඟට හසුවී,
පාවෙමින් අරුතක් මවන්නට තැත් කරපු,
කසුන්ගේ සුන්දරම සිහින සිත්තම,
ළ'මැත වැතිරුනු සුදු නංගිගේ හිස මත,
උණුසුම සොයමින් කෙහෙරැලි අතර,
දිවගිය ඇඟිලි තුඩක සෙනෙහස,
මංමුලාවූ දෙහදක අරමුණු,
බිඳ දැමූ ලෝකය හමුවේ,
පව් ගෙවන්නේ ඔවුන්ම නොවේද?
සියුම් සියුමැලි උණුසුම් බැඳීමක්,
ලොව වටා සොයන අප සැමට,
උරණ වූ මේ පිළුණු ලෝකය,
මරයි අපවත් සැඬොලන් ලෙසින්,
සැබෑ ආදරයේ පහස ලැබූකොට,
නොමැත නිකළැල් පෙමක් දිරවනු ලෝ දනා හට...
සදා බැඳි පෙම්...
සදාකාලික නොවූ ලෝකයෙ,
සදා පෙම් බැන්ද හින්දද,
මෙදා මගෙ සිත පාරවන්නේ..
ගෙවෙන අදට වැඩියෙන්,
හෙට ලබන දවස නම් මට,
විඩාවක් බව පමණක්,
දනිමි හොඳටම සිතින්..
බිඳුනු සෙනෙහස ගොඩනගන්නට,
පාරවා සිත දුරක යන්නට,
මගේ හද තුල ඉඩක් ඇත්තේ,
දිවිය ඇති තුරු ඔබට පමණක්ය...
Wednesday, May 8, 2013
මගේ තනිකම...
අඳුරේ තනිවුනු ගිමන් නොනිවන, මගේ සිතුවිලි,
ඔබට නොකියමි, ඔබෙන් සඟවමි,
කියන්නට වුවමනා තිබුනත්,
අයිති නැති බව දැනෙන හින්දා..
දිනක් දෙකක් මගෙ ලඟින් නැතිවිට,
ලඟම දැවටුනු සුවඳ දැනෙනවිට,
සිතෙයි දැනටත් සොය දිව එන්නට,
නමුදු මගෙන් ඔබ වෙන්ව ඇති බව
පසක්කොට මට වැටහෙනවා නිතරම,
ඔබේ නිකැලැල් සුමුදු සිත මත,
මගේ ස්නේහයේ මල් එකක් මත එක,
දිවිය අතු මගක රැදෙන තුරු,
පුදන්නට ඇති නම් සිතෙයි මට...
තනි ඇතත් මේ ගෙවෙන මොහොතත්,
හුදෙකලා වූ මෙ ගෙවුනු දෙක තුනත්,
ඔබ නැතිව මං විඳවපු තරම් නම්,
ඔබට කිසිදා දැනෙනු ඇතිවේද...
Tuesday, May 7, 2013
සිතක් සිර කර...
නැගෙන්නට හිරු, ඈත අර කඳු මුදුනින් තවත් ඇත්තේ පැය කිහිපයකි.
දිනක් ගෙවී තවත් දිනකට ලොව පිය නඟන මෙවන් හෝරාවක,
මගේ සුසුමත් මමත් පමණක් ඉතිරි මගේ මේ පාලු ලොව තුල,
ඉරක් ආයෙ කවදා නම් නැගේවිද?
සිතක් පතුලක පෙමක් හිර කර, ගෙවන දවසට සියදහස් වතාවක් විඳවන,
අතීතය මත රැඳුනු සිතුවිලි,
නිමක් වන්නේ නම් නැත කිසිදිනෙක.
සිතේ විරහව, නෙත'ඟ කඳුලද,
හද සුසුමක්ද, හැර යමක් උරුම නැත මට මගේ ලොව තුල.
ආදරය පිවිතුරුම විදියට, අතට අරගෙන මල් අසුනක තබා මම,
ඊයේ මෙන් අදත්, මහත් වූ හද භක්තියෙන් හිඳ,
පුදන්නට සැරසී හිඳිම් තවත්,
ඔබ ඒවිදො සිට පෙර මග බලා..
Subscribe to:
Posts (Atom)