එවන් කාලයක් තුළ,
ජීවිතයේ වැට කඩුලු නොදැන ඉගිළ ගියෙමි..
එවන් කාලයක මැවූ අනන්ත වූ සිහින...
සැබෑ ආදරයක්ද වත් නිසිලෙස නොමදැන,
බැඳුනු පෙම් සිතේ නාමයෙන්..
ඇය සිහිනයක්ම විය සදහටම,
මගේ හුදෙකලා හද පතුලේ වැජඹුන,
මගේ දෑස් පියවෙන දිනයක,
මාත් සමඟම මතක කවුළු වසාගන්නට උරුම,
මගේ මතකයෙම වැලලී නොයන මතකයක් සේම,
රැඳෙනු ඇත නොසිඳී කිසිදිනෙක..
සිනහවන්නට ඇගේ සුරත එක්කර ගෙන මගේ දෑත් මත මට,
නොහැකි වූයේ මගේ වරදින් නොව,
පරසතු මලක්ම විය ඈ,
තවත් හදවතක් සනසන...
No comments:
Post a Comment