තනිකම දුකකි තනියම ඉන්න විටදී,
මරණය දුකකි තනිකම හුරු විටදී,
තනිකම දුකකි ළංවූ අය වෙන්වෙද්දී,
මරණය සැපකි අප්‍රිය සම්ප්‍රේයෙදී...
නෙතට සැපක් වී කඳුලින් ලියමි සිතා,
රුවට රසක් වී නුඹ හැර යාමත් දුකකී,
හිතට වහල් වී මෙතුවක් කල් දුක් විඳිමි,
මට මොන නැකත්දෝ දැන් කල් ගියා වැඩී..
මෙතරම් දුරක් ආවේ තනියමයි මම,
යායුතු දුරත් ඇත එය දැරුමටත් බැරී,
නිවහල් සිතක ඇති සැපතක් තුරුළු කර,
අවසන් නින්ද පනමි සමුගෙනම ලොවෙන්...
( ~ තරිඳු පතිරණ ~)
No comments:
Post a Comment