අහසට නොදැනේද සඳ සැඟවී හඬන තරම්
කතරට නොදැනේද තුරු ලිය ගොමු තැවෙන තරම්
මුහුදට නොදැනේද ගඟ දියවැල් පෙම් කෙරූ තරම්
හදකට නොදැනේද ආදරෙ සිහිවෙනා තරම්
ඇයගේ ළඟට යන දුර මග අතරක මම්
උණුහුම සොයා පියඹා තටු රිදෙන තරම්
දෙවෙනි කරන් දිවි කෙරුවාට මම පෙම්
ඵල නෑ හැඬුම නුඹ හට එය නොදැනේ නම්...
Original Post
No comments:
Post a Comment