අඳුරේ තනිවුනු ගිමන් නොනිවන, මගේ සිතුවිලි,
ඔබට නොකියමි, ඔබෙන් සඟවමි,
කියන්නට වුවමනා තිබුනත්,
අයිති නැති බව දැනෙන හින්දා..
දිනක් දෙකක් මගෙ ලඟින් නැතිවිට,
ලඟම දැවටුනු සුවඳ දැනෙනවිට,
සිතෙයි දැනටත් සොය දිව එන්නට,
නමුදු මගෙන් ඔබ වෙන්ව ඇති බව
පසක්කොට මට වැටහෙනවා නිතරම,
ඔබේ නිකැලැල් සුමුදු සිත මත,
මගේ ස්නේහයේ මල් එකක් මත එක,
දිවිය අතු මගක රැදෙන තුරු,
පුදන්නට ඇති නම් සිතෙයි මට...
තනි ඇතත් මේ ගෙවෙන මොහොතත්,
හුදෙකලා වූ මෙ ගෙවුනු දෙක තුනත්,
ඔබ නැතිව මං විඳවපු තරම් නම්,
ඔබට කිසිදා දැනෙනු ඇතිවේද...
No comments:
Post a Comment