Monday, May 20, 2013

සිතන්න මොහොතක් - 1

සැබෑවකි, මුලාවකි,
ජීවිතය තුලාවකි..
සිහින වෙරළට නැගෙන පැතුම් රළ,
බිඳෙයි, යථාර්තයේ ගල් කුළේ හැපී..
නගන්නට වෙර දරන හසරැල්ල මුව'ඟට,
සැබෑවටමදෝ;
කඳුළු වසන් කරන්නටදෝ;
තතු දන්නේ සිතම පමණයි..
කාම සුඛයෙහි පැටලී දඟලන,
ජීවිතයයි ආදරයයි එකම හුයකින් බැඳ,
විසෙන් පිරුනු කටුක මාර්ගය,
එළි පෙහෙළි කර තනන පටුමග මත,
ඇවිද යන්නේ කුමක් පිණිසද,
නැතිනම් සැබෑම සතුටක්,
අප දිනාගත් ලෝකය තුළ...

No comments:

Post a Comment