Friday, May 17, 2013

පෙරළි පෙරළි ගල් කුලක් මතට දිව එන,
කුලෙහි වැදී පෙණ කැටිත් විසිරී..
දැනෙන්නේ මහ තනිකමක්, හුදෙකලාවක්..
මුසාවන්ගෙන් පිරි මායා ලෝකය,
පිළිබඳව කලකිරීමෙන්..
ඔබේ සෙනෙහෙබර දෙනෙත මායිමේ..
සිනහවක අරුම මැවූ අද මට
තනිකමත් දුකකුත් ඉතුරු කර,
ඉවත ගොස් ඇත මගෙන් දුරකට..
ඔබේ පාමුල තැබූ මගෙ ලොව,
මලක් පිදුසේම භක්තියෙන් මම,
පෙමත් සමගින් තුරුකරගෙන,
හදට පිදුවා මතකදෝ ඔබට..
වැටුන එකම කඳුලක් වුවද දෙනෙතින්,
බිමට අතනොහැරම සීතලට,
මගේ පපුව මැද තියෙන උණුහුමින්,
දොවා දුන් හැටි මතකදෝ නුඹට..
ගෙවෙන දිනයක් පාසාම ජීවිතේ,
අඳුර සමගින් පොරබඳින්නෙමි..
තවත් සිතකට පෙම පුදන්නට,
දිරිය නැති බව පසක් කොටගෙන...

No comments:

Post a Comment