Thursday, May 16, 2013

මියෙන තුරුම...

ආදරයක් හෝ සැපයක්
නොලදිමි මං කිසි දිනකත්
ඇයට උරුම මගේ ලොවක
දකිනෙමි මම සිහින ලොවක්..

ආදරයෙන් ජීවිතේම
තුරුලට කර සුවඳ විදිමි
වේදනාව ඇති තරමට
ආදරයත් වැඩි වෙයි තව..

සිත රිදෙනා බව සත්තයි
එනමුත් ආලය දළුලයි
කඳුලැලි පිට පිට වැටුනත්
ආලයෙ නිම්තෙර නොදකිමි..

මේ ලෙස සැමදා හැඬුවත්
අවසන් මොහොතේ මාගේ
එකම සිතින් සමුගමි දැන..
පෙමත් සිතත් පිවිතුරු බව...

No comments:

Post a Comment