Sunday, May 12, 2013

අවසරයි සමුගන්න..

සැමදාම වගේ තවත් දිනකට සමුගන්න
ඉඩ දෙන්න මට දැන්
මතකයේ පවන් රැල් අතරේ
අද දිනයත් සැඟවිලා ගියාවේ..
ඔබගේ උණුහුමේ ගතකල හෝරා කිහිපය
අනන්තය වෙත මා අරගෙන ගියා..
පිනිබිඳුවක සීතලට
කම්මුල දිගේ රූරා ඇදෙන
ඔය පුංචි දෙනෙතේ වේදනාව,
නොදැනෙනවා නොවේ මටත්,
එනමුත් සමුගත යුතුය..
දෑඟිලි එකින් එක අතැර දමමින්,
නළල මත හාදුවක් තබමින්,
තවත් දවසක ඔබේ තුරුලත,
පහස විඳ ගෙන සුවෙන් සැතපෙන්නට,
පැමිණෙන බවට දිවුරමින් සඳ,
සුළඟ සමඟ නොපෙනී යන්න යන්නෙමි මම...

No comments:

Post a Comment