Saturday, May 18, 2013

පෙමක මහිම


පෙමක මහිම පෙම් කල විට දැනගත්තා
රුවක මහිම රුව දුටු විට නෙත් දැක්කා
හිතක මහිම සිත් ගත් දා සිට දැනුනා
ළඳක වරුණ නුඹ දුක් දුන් දා සිට දැනුනා

ලියක් දිදුල පහනක් මෙන් නිදි වරලා
රැයක් දවාලක් නැතිවම මම රැක්කා
කුසට අහර දිවට මිහිර දුන් මා විසි කරලා
ගියේ මන්ද තුන් වසරක පෙම බිඳලා

නුඹට ගෙවපු කාලය ගැන දුක් රන්දා
ලොවට කියා පාන දුකත් අතහැරියා
හදට දුන්නු දුක් අතහැර ජය රන්දා
දිවි සුරැකුමට මං මගෙ සිත ඇන්දා

( ~ තරිඳු පතිරණ ~ )

No comments:

Post a Comment