Tuesday, May 7, 2013

සිතක් සිර කර...




නැගෙන්නට හිරු, ඈත අර කඳු මුදුනින් තවත් ඇත්තේ පැය කිහිපයකි.
දිනක් ගෙවී තවත් දිනකට ලොව පිය නඟන මෙවන් හෝරාවක,
මගේ සුසුමත් මමත් පමණක් ඉතිරි මගේ මේ පාලු ලොව තුල,
ඉරක් ආයෙ කවදා නම් නැගේවිද?
සිතක් පතුලක පෙමක් හිර කර, ගෙවන දවසට සියදහස් වතාවක් විඳවන,
අතීතය මත රැඳුනු සිතුවිලි,
නිමක් වන්නේ නම් නැත කිසිදිනෙක.
සිතේ විරහව, නෙත'ඟ කඳුලද,
හද සුසුමක්ද, හැර යමක් උරුම නැත මට මගේ ලොව තුල.
ආදරය පිවිතුරුම විදියට, අතට අරගෙන මල් අසුනක තබා මම,
ඊයේ මෙන් අදත්, මහත් වූ හද භක්තියෙන් හිඳ,
පුදන්නට සැරසී හිඳිම් තවත්,
ඔබ ඒවිදො සිට පෙර මග බලා..

No comments:

Post a Comment