Thursday, May 16, 2013

මටම හුරු තනිකම..

සැනසුම අබියස ඔබ මට පෙම් බැන්දා..
සිත ලඟ සැනසුම සෙවු ඔබ මට දුක් දුන්නා..
තනි වුනු මට තනිකම හුරු හන්දා..
දිවි බැමි බිඳිමි, සැනසුමකට සිත රන්දා...

කඳුලැලි ගැලු ඔබෙ දෙකොපුල් නෙතින් වසා..
හසරැලි නැගූ ඔබෙ සිනහව හදින් මකා..
අන් හදවතක දැවටෙන්නට බැරි හින්දා..
සිතුවිලි පුරමි මතු නිවනක් සිතින් පතා...

(~ තරිඳු පතිරණ ~)

No comments:

Post a Comment